අපව අමතන්න
menu-icon

අපගේ අරමුණ

සියලුම මිනිසුන්ට ගැටළු, කරදර සහ විවිධ පුරුදු ඇති අතර ඒවා අපට ලබා ගත හැකි හොඳම අවස්ථා වළක්වයි.

අපගේ අරමුණ වන්නේ මනෝචිකිත්සාව සහ VR තාක්ෂණයේ ඒකාබද්ධ බලය භාවිතා කරමින් ජනතාවට මානසික සුවතාවය ඇති කිරීමට උපකාර කිරීමයි. අපි මානසික සෞඛ්‍ය වෘත්තිකයන්ට සහ වෛද්‍ය වෘත්තිකයන්ට ශාරීරික බර කළමනාකරණය සහ දුම්පානයේ සිට මානසික අවපීඩනය මෙන්ම කාංසාව දක්වා පොදු ආබාධ සහ අනවශ්‍ය පුරුදු මගහැරීමේ මාර්ගය පෙන්වන ඵලදායී VR මෙවලම් කට්ටලයක් සපයන්නෙමු. අපි ආගන්තුක සත්කාර සේවාලාභීන්ට PUREMIND Serenity™ මගින් ඔවුන්ගේ ජීවිතයේ විදින ආතතියෙන් හෙවත් මානසික පීඩනයෙන් මිදී ඔවුන්ගේ නිවාඩුව සම්පූර්ණයෙන්ම සුවසේ ප්‍රිතියෙන් භුක්ති විඳීමට කැමති අමුත්තන්ට පිරිනැමිය හැකි හිතාගන්න බැරි තරම් විශ්මයජනක VR-ආතති මොඩියුලයක් සපයන්නෙමු. එමෙන්ම අපගේ නවීනතම VR රෝග විනිශ්චය මෙවලම- PUREMIND Diagnostic Assistant™ සමඟ අපි චිකිත්සක භාවිතයටද සහායවෙමු.

අපි ලොව පුරා සිටින ප්‍රමුඛ පෙළේ විද්වතුන් සහ වෘත්තික ප්‍රජාවන් සමඟ ඒකාබද්ධ වෙමින් සමස්ත ජනතාවට සුවතාව නිර්මාණය කිරීමේ උතුම් වෘත්තියේ යෙදී සිටිමු.

සමඟ අපගේ සහයෝගීතාවය Monash University, ඕස්ට්‍රේලියාව,

mu-sec-puremind-icon
mu-logo
මොනෑෂ් විශ්වවිද්‍යාල ලාංඡනය: ප්‍රකාශන හිමිකම © 2017, මොනෑෂ් විශ්වවිද්‍යාලය, CRICOS සපයන්නාගේ අංකය 00008C.

අපි PUREMIND® VR චිකිත්සාවේ නව නිපැයුම්කරුවන් සහ සංවර්ධකයින් වෙමු. මෙය ඕනෑම අයෙකුට ජීවිතය ඉතාම සාර්ථක ලෙස වැඩිදියුණුකර ගැනීමට උපකාර වන පුදුමාකාර නව ක්‍රියාවලියකි. ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් හි ආරම්භ කරන ලද අපගේ කණ්ඩායම බහුජාතික වන අතර ගෝලීය වශයෙන් ව්‍යාප්ත වේ. ලොව පුරා සිටින බොහෝදෙනෙකුට හැකි තරම් උපකාර කිරීමට අපි කැපවී සිටිමු.

අපගේ පර්යේෂණ කණ්ඩායම Monash University සමඟ සහයෝගයෙන් කරන ලද නවතම ගෝලීය පර්යේෂණ වල ප්‍රතිඵල අපගේ නිෂ්පාදන වලට ඇතුළත් කර ඇත.

නව ක්‍රම භාවිතා කරන අපේ Virtual Reality කණ්ඩායම ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටා ඇත. එහිදී ඔවුන් අපගේ පර්යේෂකයන් සමඟ ඒකාබද්ධව නවතම සහ නැගී එන තාක්ෂණයන් භාවිතා කරමින් අපගේ මොඩියුල වල සියලුම VR අන්තර්ගතයන් වැඩිදියුණු කර ඇත. අපගේ තොරතුරු තාක්ෂණ සංවර්ධකයන් (Dotsquares), අපගේ අන්තර්ජාලීය ප්‍රවේශය විශ්වාසදායක බව, ගෝලීය වශයෙන් ඉතා පහසුවෙන් ප්‍රවේශ විය හැකි බව සහ පරිශීලක හිතකාමී බව සහතික කරයි. ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ඇමරිකාව, එක්සත් ආරාබි එමීර් රාජ්‍යය, ඉන්දියාව සහ ප්‍රංශය යන රට වල ක්‍රියාත්මක වන Dotsquaresහි ලෝක ගෝලීය ප්‍රවේශය විශාල වශයෙන් ජනප්‍රියව පවති.

ලොව පුරා මිනිසුන්ගේ ජීවිත අඛණ්ඩව කඩාකප්පල් කරමින් පවතින COVID 19 වසංගතයේ ඛේදවාචක සහ සමාජ අක්‍රීයතාවන් සමඟ මානසික සෞඛ්‍ය සේවා සඳහා කිසිවිටෙකත් විශාල ඉල්ලුමක් නොතිබුණි. නමුත් අපගේ PUREMIND® VR ප්‍රතිකාර සැලසුම් කර ඇත්තේ ලොව පුරා සිටින ඕනෑම කෙනෙකුට අවශ්‍ය ප්‍රතිකාර රාශියක් එමගින් පහසුවෙන් සැපයීම සඳහාය.

virtual-reality

පර්යේෂණ කණ්ඩායම

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න්හි ආරම්භ කරන ලද, අපගේ පර්යේෂණ කණ්ඩායම ප්‍රතිකාරයේ ප්‍රතිලාභ පිළිබඳව මහජනතාව දැනුවත් කිරීමට, සහ තෝරාගත් වෘත්තිකයන් සමඟ උදව් අවශ්‍ය පුද්ගලයින් සම්බන්ධ කිරීමට කැපවී සිටී. මොනෑෂ් විශ්ව විද්‍යාලය අපගේ නිෂ්පාදන වල ගුණාත්මක භාවය පරීක්ෂා කිරීමට උදවු වී ඇති අතර, අප දෙපක්ෂයේ සහයෝගීතාවය තුළින් ලබාගත් අතිශයින් සාර්ථක ප්‍රතිඵල වලින් අපි උද්යෝගිමත්වී සිටිමු.

virtual-reality

සහාය කණ්ඩායම

අපගේ සහය කණ්ඩායම කැපවී සිටින්නේ මෙම ව්‍යාපාරයේ මතුවිය හැකි ඕනෑම ගැටලුවකදී සහයවී ඔබේ ව්‍යාපාර ස්ථානයට පැමිණෙන එක් එක් පුද්ගලයා සඳහා අදාල උපදෙස් පිළිපැදීම සම්බන්ධව නිවැරදි විස්තර සපයා ඔහුව දැනුවත් කිරීමටය.

virtual-reality

අලෙවිකරණ සහ විකුණුම් කණ්ඩායම

අපගේ ගෝලීය අලෙවිකරණ සහ විකුණුම් කණ්ඩායම, මානසික සෞඛ්‍ය වෘත්තිකයන්ට ඔවුන්ගේ කටයුතු වර්ධනයකිරීමට සහ ඔවුන්ගේ ව්‍යාපාර වඩා හොඳින් කළමනාකරණය කිරීමට අවශ්‍ය උපදෙස් සපයා ඔවුන්ට උපකාර කිරීමට වෙහෙස නොබලා ක්‍රියාකරයි. මෙම කණ්ඩායම අපගේ අද්විතීය මෙහෙවර සහ දැක්ම, නිෂ්පාදන, සේවා සහ හවුල්කාරිත්ව අවස්ථා පිළිබඳ පණිවිඩයද ප්‍රචාරයකර හරී. අපගේ නිෂ්පාදන සහ අවශ්‍ය සේවා ඕනෑම තැනකදී පහසුවෙන් ලබාගැනීමට ආධාරවනු පිණිස අදාළ විස්තර විවිධ භාෂාවලට පරිවර්තනය කර ඇත. ඒවා දිගටම අවශ්‍ය පරිදි කරගෙන යනු ලැබේ.

about-img-1
about-img-2
about-img-3