අපව අමතන්න
menu-icon

වේදනා කළමනාකරණය

වේදනාව, මොළයේ යම් අනතුරු ඇඟවීමක් කරයි. සමහරවිට වේදනාවේ භෞතික මූලාශ්‍රය දුර්වල වූ විට පවා මේ අනතුරු ඇඟවීම් දිගටම පැමිණේ. නිදන්ගත වේදනාව බොහෝවිට, ධනාත්මක මානසික පුරුදු උපයෝගි කරගැනීමෙන්, එයට විරුද්ධව ගොඩනඟන චිත්ත ශක්තියක් මාර්ගයෙන් මේ ව්‍යාජ අනතුරු ඇගවීම මගහැරීම කල හැක. අපගේ PUREMIND® වේදනා කළමනාකරණ මොඩියුලය සේවාදායකයින්ට ව්‍යාජ අනතුරු ඇඟවීම් මගහැරීම සහ වේදනාව පිළිබඳ ඔවුන්ගේ සංවේදීන් වෙනස් කිරීමට උපකාරීවේ

වේදනාව සහ මොළය: මනසේ බලයෙන් නිදන්ගත වේදනාව සමනය කිරීම

නිදන්ගත වේදනාව මොළයේ මාර්ග නිර්මාණය කරයි

අපගේ PUREMIND® වේදනා කළමනාකරණ මොඩියුලයට වේදනාව පිළිබඳ දැනෙන සංවේදී හැගීම් වෙනස්කළ හැකිය.

මොළයට සංඥා යවන ස්නායු පද්ධතිය තුළ බලවත් වේදනාවක් නිර්මාණය වන අතර, එම වේදනාව පිළිබද සංඥා අත්විඳින්නේද නැතහොත් ඒවා නොසලකා හරින්නේද යන්න මොළය තීරණය කරයි. නිදන්ගත වේදනාව යනු අත්විඳින ලද වේදනාව සහ වේදනාවේ මතකයයි. වේදනාව පිළිබඳ මතකයට බොහෝවිට වේදනාවේ අත්දැකීම් විකාශනය කළ හැකිය. මේ අවස්ථාවේදී, චිත්තවේගයන් සම්බන්ධ කිරීම, ආතති හෙවත් මානසික අසහන මට්ටම් වැඩිකිරීම සහ වෙනස්කිරීමට අපහසු මනසෙහි වෙනත් “වේදනා මාර්ග“ නිර්මාණය කරයි. අපගේ PUREMIND® වේදනා කළමනාකරණ මොඩියුලයට උපකාර කළ හැක්කේ මෙහිදීය. වේදනාව පිළිබඳ ඇතිවන හැගීම් සහ ඒ ආශ්‍රිතව තිබෙන ප්‍රතික්ෂේප කල හැකි සිතුවිලි ඉලක්ක කරගැනීමෙන්, මෙම ජීවිතය වෙනස් කරන මොඩියුලය, සේවාදායකයින්ට ඔවුන්ගේ නිදන්ගත වේදනාව “ඔවුන්ගේ මනසෙහි“ කොපමණ ප්‍රමාණයක් තිබේද යන්න සහ ඒවා පාලනය කළ හැකි ආකාරය නිවැරදිව තේරුම් ගැනීමට උපකාර කරයි. වේදනාවෙන් තොර ජීවිතයක් ගැන සිතීමට සහ නිදන්ගත වේදනාවෙන් තොර නව මාවත් නිර්මාණය කරගැනීමට මෙන්ම ඔවුන්ගේම මනසෙහි ඇති බලය අගය කිරීමට මෙම මොඩියුලය ඔවුන්ට උපකාර කරයි.