අපව අමතන්න
menu-icon

ගෘහස්ථ හිංසනය - අපයෝජනය

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය එම වින්දිතයන්ගේ ආරක්ෂාව සහ ආදරය පැහැරගනී. එය ස්වයං-පිළිකුල්, වරදකාරිත්වය සහ මානසික අවපීඩනය වැනි පහත් පෙළේ ක්‍රියාවලියක් නිර්මාණය කරයි. අපගේ PUREMIND® ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ මොඩියුලය ගෘහස්ථ හිංසනයට ගොදුරුවූවන්ට සිදුකර ඇති හානිය මෙන්ම වෙනත් ප්‍රචණ්ඩත්වයකට ගොදුරු වූවන්ට සිදුකර ඇති හානිය සුවකිරීමට උපකාර කරයි. ඔවුන්ට අහිමි කල ආත්ම අභිමානය නැවත ලබාගැනීමටත්, ඔවුන්ට සිදුවූ අසාධාරණ වලින් මිදීමට සහ ඔවුන්ට ලැබිය යුතු සතුට නැවත ලබාගැනීමට මෙම මොඩියුලය උපකාරීවේ.

සිදුවී ඇති හානියෙන් නිදහස්වීම

ගෘහස්ථ හිංසනයෙන් පසු ආත්ම අභිමානය නැවත ලබාගැනීම

අපගේ PUREMIND® ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය -වින්දිත මොඩියුලය සමඟ

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූවන් ජීවත්වන්නේ බියෙන් පමණක් නොව, බොහෝවිට වරදකාරි හැඟීම, ස්වයං-පිළිකුල් සහ ආත්ම-වටිනාකමක් නොමැත යන හැගීම් සහිතවය. එසේ වූවත්, වින්දිතයින්ගෙන් ඉහළ ප්‍රතිශතයක් ප්‍රචණ්ඩත්වයේ අපරාධකරුවන්ට දිගටම ආදරය කරන අතර, කිසිවකු, කිසිවිටෙකත්, ප්‍රචණ්ඩත්වයට කැමති නොවන බව, විශේෂයෙන්ම ආදරය ලබන බොහෝ දෙනෙක් තේරුම්ගැනීමට අසමත්වෙති. අපගේ PUREMIND® ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය-වින්දිත මොඩියුලය, ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයට ගොදුරුවූවන්ට, ප්‍රචණ්ඩත්වය ඔවුන්ගේ ආත්ම අභිමානයට සහ වටිනාකම් පිළිබඳ හැඟීමට සිදුකර ඇති හානිය හඳුනාගැනීමට උපකාරීවේ. අතීතය හා සම්බන්ධ ඕනෑම වරදකාරි හැඟීමක් සහ ස්වයං-අප්‍රසන්නතාවයන් අත්හැරීමට සහ ඔවුන් නැවත සතුට හා යහපත් සෞඛ්‍ය තත්ත්වයක් ලැබිය යුතු බව තේරුම්ගැනීමට එය ඔවුන්ට උපකාර කරයි. මනෝචිකිත්සාව සහ VR හි ප්‍රබල සංයෝජනයක් භාවිතා කරමින්, මොඩියුලය, ඔවුන්ට තමුන් ගොදුරුවී සිටින උදාසීන හේතු හඳුනාගැනීමට සහ විසදාගැනීමටත් ඔවුන්ට ප්‍රචණ්ඩත්වය කර ඇති හානියෙන් නිදහස්වී, දීප්තිමත් අනාගතයක් උදාකර ගැනීමටත් උපකාරීවේ. මෙම විස්මිත මොඩියුලය තුලින් ධෛර්යය ලබන සේවාදායකයා, නැවත වරක් තමන්ට පෙර මෙන් ආදරය කිරීමට සහ අපයෝජකයා සමඟ හෝ නැතිව යහපත් ජීවිතයක් ගතකිරීමට හැකි පූර්ණ හැකියාව සහ වාසනාව ලගාකර ගනී.