අපව අමතන්න
menu-icon

ආතති සහනය

මානසික ආතතිය හෙවත් මානසික අසහනය නූතන ජීවිතයේ වසංගතයයි. එය සාමාන්‍යයෙන් යමක් කිරීමේ (හෝ කළ යුතු දෙයක් නොකිරීම) යන සිතිවිල්ලෙන් ඇතිවන හැඟීමකි. එහි ප්‍රතිඵලය වන ආතතිය පවතින සැබෑ අවදානමට හේතුවියයි ගණන් ගත නොහැකි නමුත්, මෙවැනි හේතු එකතුවීම යහපත් සෞඛ්‍යයට අහිතකර ජීවන රටාවක් බවට පත්වේ. අපගේ PUREMIND® ආතති සහන මොඩියුලය සේවාදායකයින්ට ආතති උපද්දවන සහ නිදන්ගත ආතතිය ඇති කරන චක්‍රීය සිතුවිලි සහ පුරුදු බිඳදැමීමට උපකාරීවේ.

ආතති සහගත මානසික පුරුදු නැති කිරීම, තත්වයන් සහ සිදුවීම් සඳහා යහපත් ප්‍රතිචාර දක්වයි

ආතතිය පාලනය කළ හැකි පුරුද්දකි

අපගේ PUREMIND® ආතති සහන මොඩියුලය සුවකිරීම ආරම්භ කරයි

ජීවිතයට ආතති සහගත අවස්ථා තිබිය හැකි නමුත් ආතති මත ඇතිවන හැඟීම් සහ ප්‍රතික්‍රියා සෞඛ්‍යයට අහිතකර මානසික පුරුද්දක් බවට පත්විය හැකිය. අපගේ PUREMIND® ආතති සහන මොඩියුලය, සේවාදායකයින්ට, ඔවුන්ගේ රෝගී අතීතය පරීක්‍ෂා කිරීමට සහ ඒවාට තුඩුදුන් හේතු ප්‍රමාණය ක්‍රියාකාරීව තත්ත්වය වඩා නරක අතට හැරී ඇති ආකාරය හදුනා ගැනීමට උපකාර කරයි. නිදන්ගත ආතතිය කිසිදා පහව නොයන අතර, සෙමින් නමුත් නිසැකවම සමස්ත සෞඛ්‍යයම විනාශ කරයි. මෙම මොඩියුලය ඔවුන්ගේ පුද්ගලික ආතති හඳුනාගන්නේ කෙසේද සහ ඒවා යටපත් කරන්නේ කෙසේද යන්නත්, යටිහිතේ පවතින මනෝවිද්‍යාත්මක ගැටළු වටහාගෙන ඒවා සමනය කිරීම පිළිබ‍ඳව උපදෙස් දෙයි. මොඩියුලය සම්පූර්ණ කරන සේවාදායකයින් ඔවුන්ගේ මනස පාලනයකර ඔවුන්ගේ ආතතිය සම්පූර්නයෙන්ම යටපත් කරති. අනාගතයේදී ඕනෑම දෙයක් හැසිරවීමට ඔවුන්ගේ මනසට බලය ඇති බව දැන, ඔවුන් නැවතත් ශුභවාදීව සිතීමට සහ සතුටින් සිටීමට ඉගෙනගනී. මෙමගින් ඔවුන්ගේ මනස වඩාත් සවිබල.ගැන්වෙන අතර, තමන්ටම ආදරය කිරීමටත්, මනස, ශරීරය සහ සබඳතා වඩා හොඳින් රැකබලා ගැනීමටත් පුරුදු වේ.