අපව අමතන්න
menu-icon

ලිංගික වැඩිදියුණු කිරීම

එය ජීවිතයේ ලොකුම ප්‍රීතියකි. නමුත් බොහෝ මිනිසුන්ට ලිංගික සම්බන්ධකම් පවත්වාගැනීම දුෂ්කරය. එයට ලැජ්ජාව, චිත්තවේගීය වේදනාව සහ අසාර්ථකත්වය සම්බන්ධවේ. ඔවුන්ගේ යටිසිතේ ගැඹුරින් ඔවුන්ට අවශ්‍ය පරිදි ලිංගික සබඳතාවක් පැවැත්වීම ගැන අපහසුතාවයක් දැනේ. අපගේ PUREMIND® ලිංගික වැඩිදියුණු කිරීමේ මොඩියුලය සැලසුම්කර ඇත්තේ, සේවාදායකයින් එවැනි සිතිවිලි සහ මතකයන් වල ග්‍රහණයෙන් මුදවාගැනීමට සහ ආදර සබඳතාවක ස්වභාවික සහ උසස් කොටසක් ලෙස ලිංගිකත්වය වැළඳගැනීමට දිරිදීමටත්ය.

ලිංගික සම්බන්ධතාව යනු සතුටක් විදීමට මිස ලැජ්ජාවට හෝ චිත්තවේගීය වේදනාවට පත්වීමට නොවේ

ආදරය ලැබීමට ඉගෙනීම

අපගේ PUREMIND® ලිංගික වැඩිදියුණු කිරීමේ මොඩියුලය සමඟ

ආදරය කිරීම සහ ආදරය ලැබීම යන දෙකම මිහිමත ඇති අපූරුම හැඟීම්ය. යමෙකු තමාට විශේෂ කෙනෙකු ගැන සැබවින්ම සැලකිල්ලක් දක්වනවිට ශරීරයෙන් හා ආත්මයෙන් එක්සත් වීමට අවශ්‍ය වීම ස්වාභාවිකය. අවාසනාවන්ත ලෙස බොහෝ මිනිසුන්ට ශාරීරික සමීපත්වය ලැජ්ජාව, යථාර්ථවාදී නොවන සමාජ සහ ආගමික තහනම් කිරීම්, සබඳතා බිඳවැටීමේ වේදනාව හෝ අපවාදාත්මක හමුවීම් පිළිබඳ මතකයන් යටිසිතින් ඇති කරයි. ලිංගික වැඩිදියුණු කිරීම යනු තමාගේ සහ වෙනත් කෙනෙකුගේ ශාරිරික ඉරියව් ගැන දැන  හැඳිනගැනීම  මෙන්ම, හැඟීම් ප්‍රකාශ කිරීමට සහ ශාරීරික සම්බන්ධතා හරහා දෙදෙනාට සම්බන්ධවීමට මගක් සලසා ගැනීමයි. අපගේ PUREMIND® ලිංගික වැඩිදියුණු කිරීමේ මොඩියුලය අනවශ්‍ය නුසුදුසු මෙන්ම අනවශ්‍ය ලිංගික පුරුදු ඇති පුද්ගලයින්ට ඔවුන්ගේ අතීතයෙන් ඉවත්වීමට සහ යහපත් ලිංගික සම්බන්ධතා සඳහා සෞඛ්‍ය සම්පන්න මානසික ආකල්පයක් වර්ධනය කිරීමට උපකාරීවේ. කල්පවත්නා ආදරණීය සබඳතා පවත්වාගෙන යාමට මේ උත්සාහයන් අවශ්‍ය වේ.