අපව අමතන්න
menu-icon

PUREMIND Diagnostic Assistant™

මෙහිදී PUREMIND® මඟින් අපට රෝග විනිශ්චය මෙන්ම ඒ සදහා ප්‍රතිකාර කිරීමට පරිපූර්ණ ප්‍රවේශයක් ලැබේ. මෙහිදී පුහුණු වෘත්තිකයන්ට ඔවුන්ගේ පාරිභෝගිකයන්ගේ රෝගී තත්ත්වය වෘත්තීයමය වශයෙන් තක්සේරු කිරීමේදී භාවිතා කළ හැකි ඵලදායි විශ්ලේෂණ මෙවලමක් මෙන්ම ඔවුන්ගේ ප්‍රතිකාර සඳහා ඔවුන්ට භාවිතා කළ හැකි මොඩියුලVR සැසිද ලබාදෙනු ලැබේ. මොනෑෂ් විශ්වවිද්‍යාලය සමඟ ඒකාබද්ධව සංවර්ධනයකර පරීක්‍ෂාකරන ලද, අපගේ PUREMIND Diagnostic Assistant™ මෙවැනි අවස්ථාවකදී වෘත්තීය වශයෙන් භාවිතකල හැකි ප්‍රයෝජනවත් මෙවලමකි.

PUREMIND DIAGNOSTIC ASSISTANT™

අපගේ PUREMIND Diagnostic Assistant™ යනු ස්වයංව අවතක්සේරු කල අභිමානය, කාංසාව, ස්වයං-ශාරිරික හානිකර ගැනීම් සහ මත්ද්‍රව්‍ය අනිසි භාවිතය වැනි ප්‍රතිකාර අවශ්‍ය, සියලුම සිතේ පවතින තත්ත්වයන් හඳුනාගැනීමෙන් ඒවාට නිසි ප්‍රතිකාර කිරීමට සහ ප්‍රමුඛත්වය දීම සදහා වෘත්තිකයින්ට උපකාරවන මෙවලමකි. සම්පූර්ණ ප්‍රතිකාර සැලැස්මක් සකස් කිරීම සඳහා ඔබට එය භාවිතා කළ හැකිය.

pda-middle-img

PUREMIND Diagnostic Assistant™ ප්‍රශ්නාවලිය

            • PDA™ යනු PUREMIND® පුහුණු වෘත්තිකයින්ට ප්‍රාථමික (ඉදිරිපත් කිරීමේ) ගැටළු සහ පාදක තත්ත්වය යන දෙකම හඳුනාගැනීමට උපකාර කිරීම සඳහා නිර්මාණය කර ඇති සේවාදායක ප්‍රශ්නාවලියකි. සේවාදායකයාගේ පිළිතුරු මෙම මෙවලමට පරිගණකයකින් සම්බන්ධ කලවිට රෝග විනිශ්චය සිදුකිරීමේදී සහ සුදුසු ප්‍රතිකාර සංවර්ධනය කිරීමේදී භාවිතා කළ හැකි රෝග විනිශ්චය වාර්තාවක් ජනනය කරයි.

    මෙයින් සපයන ලද තොරතුරු වෘත්තිකයාට රෝගී තත්ත්වය තීරණය කිරීමට උපකාරීවේ.

    • ප්‍රාථමික තත්ත්වයන්, යටිහිතේ පවතින තත්වයන් හෝ දෙකම සඳහා ප්‍රතිකාර අවශ්‍යද යන්න
    • එක් එක් තත්ත්වය සඳහා සුදුසු කුමන ආකාරයේ ප්‍රතිකාරද, සහ
    • PUREMIND® මොඩියුලයක් හෝ මොඩියුල මාලාවක් මගින් ප්‍රතිකාර කිරීම අවශ්‍යද යන්න.

    මේ ප්‍රශ්නාවලිය ප්‍රතිකාර සඳහා අපගේ අවසාන ප්‍රවේශයේ ප්‍රධාන අංගය වන අතර එයට ඇතුළත් වන්නේ:

        • වෘත්තීය විශ්ලේෂණය
        • අපගේ VR මොඩියුල හරහා ප්‍රතිකාර (වෛද්‍යවරයා සුදුසු යැයි සලකන විට) සහ
        • අනු බැඳුම (බූස්ටර VR මොඩියුල හෝ වෙනත් ප්‍රාථමික මොඩියුල හරහා සුදුසු අවස්ථාවලදී).

    සම්පුර්ණ කරන ලද ප්‍රශ්නාවලිය විශ්ලේෂණය කිරීමට,VR ප්‍රතිකාර පරිපාලනය කිරීමට සහ එක් එක් මොඩියුලය අවසන්වූ පසු සේවාදායකයින් එම ප්‍රතිකාර පිළිබඳව කෙටියෙන් විස්තර කිරීමට වෘත්තිකයන් පුහුණු කරනු ලැබේ.