අපව අමතන්න
menu-icon

අපේ විද්‍යාව

PUREMIND® VR ප්‍රතිකාර පදනම්වී ඇත්තේ වර්තමානයේ පවතින සාර්ථක මනෝ චිකිත්සක ප්‍රතිකාර ක්‍රම භාවිතය මතය.

මෙහි සදහන් VR මොඩියුල හරහා අපගේ ප්‍රතිකාර ක්‍රම, පර්යේශණ සහ නිරීක්ෂණ මගින් පුළුල් ලෙස පරීක්ෂාකර ඇත. VR මගින් සංවේදී උත්තේජනයන් පාලනයකින් යුතුව නිදහස් කරන අතර, එමඟින් මුහුණට මුහුණලා කරන ප්‍රතිකාර වලට වඩා ඵලදායී වෙනස්කම් ඇති කළ හැක.

VR පරීක්ෂණ සැසි වලදී සේවාදායකයින් දක්වන ප්‍රතික්‍රියා නිරීක්ෂණය කිරීමට වෘත්තිකයන් පුහුණු කරන අතර, ඔවුන්ට එහිදි මතුවන ගැටළු හඳුනාගැනීමටත්, ඒවාට කල යුතු ප්‍රතිකාර ක්‍රම දියුණුකිරීම පිළිබදවත් මෙහිදි උපදෙස් දෙනු ලබයි.

පුළුල් පරාසයක යෙදුම්

සේවාදායකයින්ගේ බොහෝ පොදු ඇබ්බැහිවීම්, පීඩාවන් සහ භීතිකාවන් හොඳින් සැලසුම් කරන ලද VR ප්‍රතිකාර මගින් දිගුකාලීන ප්‍රතිඵල සඳහා වඩාත් ඵලදායී ලෙස විසඳන බව කරන ලද අධ්‍යයන වලින් පෙන්වාදී ඇත.

මෙම VR ප්‍රතිකාර ක්‍රම මානසික අවපීඩනය, ආතතිය, කාංසාව, ආත්ම අභිමානය සහ කෝපය පාලනය කිරීමේ ආබාධවල සිට දුම්පානය, මත්ද්‍රව්‍ය අනිසි භාවිතය වැනි පුරුදු සහ ඇබ්බැහිවීම් වලක්වා ගැනීම දක්වා විහිදේ.

our-science-middle-img

මනෝචිකිත්සාව සහ VR තාක්ෂණය: එක් එක් සේවාදායකයන්ගේ අවශ්‍යතාවයන්ට ගැලපෙන පරිදි නිපදවා ඇත

වර්තමානයේ ප්‍රායෝගිකව භාවිතා කෙරෙන මනෝචිකිත්සාව ආරම්භ වන්නේ ජර්මන් ජාතික සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් වෙතින් වේ. එය සමහරවිට “කතා කරමින් කරන ප්‍රතිකාරය” ලෙස හඳුන්වනු ලැබේ. එමඟින් රෝගීන් තමන් ගැනම මෙනෙහි කිරීමට දිරිමත් කරන අතර, වෘත්තිකයෙකුගේ යෝජනා සහ අදහස් මගින් ඔහුගේ යටි සිත අවදි කරවයි.
මනෝචිකිත්සාව මනෝ විශ්ලේෂණයෙන් ආරම්භ වන අතර, පසුව ඇතිවූ නොයෙකුත් දෘෂ්ටි කෝණයන්ගෙන් “ලොව පුරා විවිධ චිකිත්සක සම්ප්‍රදායන් සහ විවිධ සංස්කෘතීන් තුළ” මනෝචිකිත්සාව ප්‍රායෝගිකව උපයෝගකර ගැනීම ගැටලු සහ ආබාධ රාශියක් ඇති රෝගීන් සඳහා ඵලදායී සහ විශ්වාසදායක ප්‍රතිකාර විකල්පයක් ලෙස පිළිගැනේ.

Virtual Reality (VR) තාක්‍ෂණය යනු ත්‍රිමාණ පරිගණකයෙන් ජනනය කරන ලද පරිසරයක් ඇතුළත් වන ඕනෑම උපාංගයක් ලෙස අර්ථ දැක්විය හැක. ස්මාර්ට් දුරකථන තාක්‍ෂණය සමඟ හිසට පළඳා ඇති සංදර්ශක සවි කර ඇති ජංගම උපාංග හරහා චලනයන් නිරීක්ෂණය කිරීමට සහ රූප ප්‍රදර්ශනය කිරීමට හැකියාව පැමිණ තිබේ. ලොව පුරා සිටින ජනතාවට තම රැකියා ස්ථානයේදී, නිවසේදී හෝ ගමනේ යෙදී සිටින අතරතුරදී, කලින් තිබුණාට වඩා පහසුවෙන් දැන් VR තාක්ෂණය ලබාගත හැක.

PUREMIND® ප්‍රතිකාර පදනම්වී ඇත්තේ මනෝචිකිත්සක භාවිතයේදී පරීක්‍ෂා කරන ලද VR යෙදුම්, ප්‍රතිකාරය සහ තාක්‍ෂණය අද්විතීය ලෙස ඵලදායි ආකාරයෙන් ඒකාබද්ධ කිරීම මතය. අද දක්වා මේ පිළිබදව සිදුකරන ලද පර්යේෂණ වලදී අපගේ ප්‍රතිඵල සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වූ බව තහවුරුවී තිබේ.