අපව අමතන්න
menu-icon

මත්පැන් අනිසි භාවිතය අත්හැරීම

මමත්පැන් අනිසි භාවිතය අත්හැරීම කිසිවිටෙක පහසු නොවේ. බොහෝවිට මත්පැන් අවශ්‍යතාවය ඇතිකරන යටි හිතේ පවතින මනෝ විද්‍යාත්මක ගැටළු නිවැරදි ලෙස හඳුනානොගත් හෝ ප්‍රතිකාර නොකළ ඒවාවේ. අපගේ PUREMIND® මධ්‍යසාර අපයෝජනය වැළක්වීමේ මොඩියුලය මත්පැන් පානයට පොළඹවන යටි හිතේ පවතින ගැටළු විසඳන අතර ඔවුන්ව මත්පැන් උවදුරෙන් මුදවා සුවදායක අනාගතයක් කරා රැගෙන යාමට උපකාරීවේ. ස්ථිර වෙනසක් සහ වඩා හොඳ ජීවිතයක් අපේක්ෂා කරන පුද්ගලයින්ට මේ මගින් පැහැදිලි මාර්ගයක් විවෘත කරදෙයි.

මත්පැන් මත යැපීම තුරන් කිරීම සහ එයින් ඇතිවූ හානියට කළ යුතු පිළියම්.

මත්පැන් අනිසි භාවිතයට පිළියම් යෙදීම සඳහා පරිපූර්ණ ප්‍රවේශයක් වුවමනාය.

ඒ සදහා අපගේ PUREMIND® මත්පැන් අනිසි භාවිතය අත්හැරීමේ මොඩියුලය හඳුන්වාදීම

මත්පැන් අනිසි භාවිතය භයානක, මිල අධික මෙන්ම සමාජීය වශයෙන් කෙනෙකු නෙරපා හැරීමට තුඩුදෙන, ජීවිතයේ සෑම අංශයකටම ඇතුල්වී මහත් හානියක් ඇති කරන්නකි. බොහෝවිට මෙය සෑම මත්පැන් පානය කරන්නෙකුගේම මමත්වය පිළිබද ගැටලුවක් ඇති බව පෙන්නුම් කරයි. මෙවැන්නන් නිසා ඔවුන් අවට සිටින අය පවා යම් අසීරුතාවයන්ට පත්වේ. අපගේ මත්පැන් අනිසි භාවිතය පිළිබද මොඩියුලය ඔවුන්ට යම් ගැටලුවක් ඇති බව පිළිගැනීමට සහ එය තමුන්ට මෙන්ම අනෙක් අයට, විශේෂයෙන් තමුන්ගේ පවුලට මෙන්ම ඔවුන්ට ආදරය කරන අයට බලපාන ආකාරය  දෙස බැලීමට උදවු කරයි. එය ස්ථීර ලෙස වෙනස්වීමට පෙළඹවීමක් මෙන්ම සම්පූර්ණ පරිවර්තනයක් සාක්ෂාත් කරගැනීම සඳහා පහසු මාර්ගයක් සපයයි. බොහෝදෙනෙකුට මත්පැන් පානයෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටීම අවශ්‍ය වන බැවින්, මෙම මොඩියුලය මත්පැන් පානය කිරීමට ඇති ආශාව තුරන් කිරීමට ක්‍රියාකරන අතරම, ඔවුන්ගේ බේබදුකම නිසා බිඳී ඇති සහ පළුදුවූ පවුල් සබඳතා නැවත ගොඩනඟා ගැනීමට උපකාර කරයි. subliminal යෝජනාව සහ VR හි ඒකාබද්ධ බලය භාවිතා කරමින්, මෙම VR මොඩියුලය සේවාදායකයින්ට ඔවුන්ගේ නොමනා අතීතයෙන් මිදී දීප්තිමත් අනාගතයක් කරා යන මාවත වැලඳගැනීමට සහතික වශයෙන්ම උපකාරී වේ.