අපව අමතන්න
menu-icon

කාංසාව

අප ජීවත්වන්නේ බෙහෙවින් අසහනකාරී යුගයකය. නිදන්ගත කාංසාව යනු ලෝකයේ බහුලව දක්නට ලැබෙන මානසික රෝග වලින් එකකි. අපගේ PUREMIND® Anxiety මොඩියුලය නිදන්ගත කාංසාවෙන් පෙළෙන සේවාදායකයින්ට ඒ සමඟ නිතර ඇතිවන භීතිකා මැඩ පවත්වා සහනයක් ලබාදෙයි. කාංසාවේ මූල හේතු ඉලක්කකර ගනිමින්, මිනිසුන්ට ඔවුන්ගේ බිය කිසිදු පදනමක් නොමැති සහ පහසුවෙන් ජයගත හැකි නිකම්ම හිස් බිය ගැන්වීමක් බව තේරුම්ගැනීමට උපකාර කරයි. තවද, මේ මගින් සේවාදායකයින්, දීර්ඝ කාලීනව පවතින සහනයක්, ප්‍රබෝධයක් සහ ප්‍රබල දීප්තිමත් අනාගතයක් කෙරෙහි ධනාත්මක බලාපොරොත්තු සමුදායක් ඇති කරගෙන, ජීවිතයේ මතු බලාපොරොත්තු කෙරෙහි විශ්වාසය තබාගෙන ඉදිරියට යාමට ධෛර්යය ලබාගනී.

නිදන්ගත කාංසාව පදනම්වී ඇත්තේ සිදුවිය හැකි යැයි සිතන අනතුරකට වඩා පෙනෙන්නට තිබෙන තර්ජනය මතය.

නිදන්ගත කාංසාව: බිය විය යුතු එකම දෙය බියමය

අපගේ ජීවිතය වෙනස් කරන PUREMIND® කාංසාව මොඩියුලය සමඟ නිදන්ගත කාංසාවේ මූලයන් වෙත පැමිණීම

කාංසාව ජීවිතයේ ස්වාභාවික කොටසකි. නමුත්, නිතර නිතර සිදුවන විට එය ඉවත් කිරීමට අපහසු නිදන්ගත තත්වයක් බවට පත්වේ. නිදන්ගත කනස්සල්ලෙන් පෙළෙන අය අතීතයේ භීතියට පත්වූ සිදුවීම් සිහිපත් වන තත්වයන් සහ එවැනි සිදුවීම් වලට බිය වෙති. ඔවුන්ගේ බිය තේරුමක් නැති බව ඔවුන් බොහෝවිට දන්නා නමුත්  එය  පාලනය කිරීමට හැකියාවක් නොමැති බව ඔවුන්ට හැඟේ. අපගේ PUREMIND® කාංසාව මොඩියුලය සේවාදායකයින්ට ඔවුන්ගේ කාංසාවන් විශ්ලේෂණය කිරීමට සහ ඒවා මොනවාදැයි සත්‍ය තත්ත්වයෙන් වටහා ගැනීමට උපකාර කරයි. වෙනත් ඕනෑම මතකයක් අමතක කරන්නා මෙන්ම මේවාද සාර්ථකව කළමනාකරණය කළ හැකි බවත්, එයින් සැනසීම ලබමින්, මෙවැනි ආකාරයේ කනස්සල්ලයන්ගෙන් මිදෙන්නේ කෙසේද යන්න උගන්වන අතර අතීතයේ සිදුවූ  බියවීම් නොසලකා හැර ආත්ම විශ්වාසයෙන් නිර්භීතව ඉදිරියට යා හැකි බව ඔවුන්ට සහතික කරයි. මෙම මොඩියුලය සම්පූර්ණ කරන සේවාදායකයින්ට, ඔවුන්ගේ නිදන්ගත කාංසාව අත්හැර විශ්වාසයෙන් හා ප්‍රීතියෙන් අනාගතය දෙස බැලීමට පූර්ණ ශක්තියක් මෙහිදී ලබාදෙනු ඇත.