අපව අමතන්න
menu-icon

මානසික අවපීඩනය

සුලු මානසික අවපීඩනයද යම් ආබාධිත තත්ත්වයක් වන අතර, එය ජීවිතයේ ප්‍රීතිය නැතිකර අසරණභාවයේ හැඟීම් ඇති කරයි. අපගේ PUREMIND® මානසික අවපීඩනය කළමනාකරණ මොඩියුලය මඟින්, සුලු මානසික අවපීඩනයද පුරුද්දක් බව සේවාදායකයින් දැනගන්නා අතර, ඉලක්කගත, ස්ථාවර උත්සාහයකින් එය පහසුවෙන් යටපත් කිරීමට ඔවුන්ගේ මනස පුහුණු කළ හැකිය. මනෝචිකිත්සාව සහ VR හි ඒකාබද්ධ බලය භාවිතා කරමින්, මෙම මොඩියුලය සුලු මානසික අවපීඩනයෙන් පෙළෙන පුද්ගලයින්ව වඩා හොඳ ප්‍රබෝධමත් ජීවිතයක් සඳහා වූ මාවතකට යොමුකළ හැකිය.

මානසික අවපීඩනය මානසික පුරුද්දකි, ඕනෑම පුරුද්දක් මෙන් එයද වෙනස් කළ හැකිය.

මානසිකඅවපීඩනයෙන්මිදීම

අපගේ ජීවිතය වෙනස් කරන PUREMIND® අවපීඩන කළමනාකරණ මොඩියුලය සමඟ

මෙම මොඩියුලය, බලාපොරොත්තු සුන්වීම, දුක හෝ පසුතැවීම වැනි නිරන්තර හැඟීම් වැනි සුලු මානසික අවපීඩනයේ රෝග ලක්ෂණ ඇති ඕනෑම කෙනෙකුට ඒවායින් මිදීමට උපකාර වේ. අප සැමට විටින් විට එවැනි හැඟීම් ඇතිවේ. නමුත් ඒවා පුරුද්දක් බවට පත්වුවහොත්, අපි ඒවාට ප්‍රතිකාර කිරීම සදහා මේ පුරුදු වලට ප්‍රතිවිරුද්ධ ක්‍රමවේදයන් අනුගමනය කිරීමට පටන් ගනිමු. සුලු මානසික අවපීඩනයෙන් පෙළෙන සේවාදායකයින්ට ඉවසීමෙන් සහ චිත්ත ශක්තියෙන් බලාපොරොත්තු අහෝසි කරන සිතුවිලි වලින් මිදිය හැකි බවත්, අසරණභාවයේ හැඟීම් යටපත් කර දිරිය බල ගැන්වීමේ හැඟීම් වෙත ගමන් කළ හැකි බවත්, අතීත සිදුවීම් ඔවුන්ට අමතක කල හැකි බවත්, මෙයින් ඉගෙනගනු ඇත. අපගේ මොඩියුලය සම්පූර්ණ කරන පුද්ගලයින්ට තමන් තමුන්ටම හිංසා පීඩා කිරීම නැවැත්වීමට හැකි වන අතර, නැවත තමන්ටම ආදරය කිරීමට පටන් ගනී. ඔවුන්ට ගෙවීගිය අතීතය නැවත වෙනස් කල නොහැකි නමුත් ඔවුන්ගේ මතු අනාගතයට එහි බලපෑමක් ඇතිවීම වැළැක්විය හැකිය. ඔවුන්ගේම මනසෙහි ඇති සහජ බලය ගැන නියම අවබෝධයක් ලබා ගැනීමෙන්, ඔවුන්ට ස්ථිර වෙනස්වීම් සදහා යෑමට අවශ්‍ය මානසික ශක්තිය වටහාගෙන මනා සෞඛ්‍ය සම්පන්න මෙන්ම ප්‍රීතිමත් අනාගතයක් අපේක්ෂා කළ හැකිය.

සටහන: රසායනික අසමතුලිතතාවය සඳහා ප්‍රතිකාර අවශ්‍ය සායනිකව මානසික අවපීඩනයෙන් පෙළෙන සේවාදායකයින් සඳහා මෙම මොඩියුලය නිර්දේශ නොකරයි.