අපව අමතන්න
menu-icon

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය - අපයෝජකයා

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය වින්දිතයාගේ මෙන්ම අපයෝජකයාගේද ආත්ම අභිමානය විනාශකරයි. එය, බොහෝවිට, වසර ගණනාවක් තිස්සේ ගොඩනැගුණු යටිසිතේ පවතින ගැටළු මගින් නිර්මාණය කරන ලද මානසික රෝගයක සලකුණකි. අපගේ PUREMIND® ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය-අපයෝජකයා මොඩියුලය, සේවාදායකයින්ට, මෙවැනි ගැටලුවක් ඇති බවත් ප්‍රචණ්ඩත්වය කිසිවිටෙකත් එයට විසඳුමක් නොවන බවත් පිළිගැනීමට උපකාර කරයි. එය, ඔවුන්ගේ මානසික සෞඛ්‍ය ගැටලු හඳුනාගැනීමට උපකාර වන අතර, තමන් සහ තම ආදරණීයයන් සඳහා යහපත් ජීවිතයක් ගත කිරීමේ මාර්ගයක් සෙවීමට ඔවුන්ව පොළඹ

ප්‍රචණ්ඩත්වය කිසිදා විසඳුමක් නොවේ

ප්‍රචණ්ඩත්වය කිසිදා විසඳුමක් නොවන බව වටහා ගැනීම.

අපගේ PUREMIND® ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය- අපයෝජකයා මොඩියුලය සමඟ

ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ බොහෝ අපයෝජකයන්ට යටිසිතේ පවතින මානසික සෞඛ්‍ය ගැටලු ඇති බව ජාත්‍යන්තර පර්යේෂණයන් පෙන්වා දෙයි. ඒවා අතර සාමාන්‍යයෙන් කෝපය පාලනය කිරීමේ ගැටළු, කාංසාව, මානසික අවපීඩනය, සියදිවිනසා ගැනීමේ සිතුවිලි, පෞරුෂ ආබාධ, මත්පැන් සහ සූදුව වැනි ගැටළු පෙන්නුම් කරයි. ඒවාට ප්‍රතිකාර කිරීම සඳහා මෙම යටිසිතේ පවතින ගැටළු විසදීමට රෝග නිධානය හදුනාගැනීමට පරිපූර්ණ පර්යේෂනයක් අවශ්‍ය වේ. මෙහි පළමු පියවර වන්නේ, ගැටලුවක් ඇති බව පිළිගැනීමයි. අපගේ මොඩියුලයට මේ සදහා උපකාර කළ හැකි අවස්ථාව මෙයයි. මනෝචිකිත්සාව සහ VR හි ප්‍රබල සංයෝජනයක් භාවිතා කරමින්, මොඩියුලය වින්දිතයාට සහ අපයෝජකයාට යන දෙදෙනාටම ගෘහස්ථ හිංසනයේ විනාශකාරී ස්වභාවය තේරුම් ගැනීමට උපකාර කරයි. එහිදී, එය ඔවුන්ගේ මනස ගැඹුරට ගොස් ඔවුන් මෙම ප්‍රචණ්ඩ ක්‍රියාකාරකම් වලට පොළඹවන ලද යටි සිතේ පවතින හේතු සහ අපේක්ෂාවන් තේරුම්ගනී. මොඩියුලය ඔවුන්ට මේ අවස්ථාවේදී, වරදකරුට සමාව දීමේ ගුණ යහපත්කම සහ එයින් ලබන ප්‍රීතිය අගය කිරීමට උපකාර කරයි. මෙයින් ඔවුන්ට සහ ඔවුන්ගේ ආදරණීයයන් සඳහා වඩා හොඳ තෘප්තිමත් මතු ජීවිතයක් ගත කිරීමට මග සැලසේ.