අපව අමතන්න
menu-icon

සූදුව

සූදුවට ඇබ්බැහිවීම ඕනෑම කෙනෙකුට සිදුවිය හැක. මේ තත්ත්වයට පත්වූ විට, එයින් ඇතිවන සමාජ හෝ ආදායම් සීමාවන් ගැන සලකන්නේ නැත. සූදුව විනෝදජනක විනෝදාංශයක් ලෙස ආරම්භ විය හැක. නමුත් එයට ඇබ්බැහිවී ක්‍රියා කරන විට තමා මෙන්ම තම මුලු ආදරණීය පවුලම විනාශවිය හැකිය. මෙය පවුලේ සබඳතා සහ සමගිය පළුදු කිරීමට, ජීවනෝපායන් විනාශ කිරීමට සහ සැමගේ මානසික යහපැවැත්ම අවුල් කිරිමට හේතු වනු ඇත. අපගේ PUREMIND® සූදුවට ඇබ්බැහිවීමෙන් මුදවා ගැනීමේ මොඩියුලය සූදුවේ නියැලීමට බල කරන හේතු හදුනාගෙන ඒවාට පිළියම් කරයි. එමෙන්ම සාමාන්‍යයෙන් එය පසුබිමේ ඇති හැසිරීම් සහ මනෝභාවයන් ඉලක්ක කරගනිමින් අනිසි ජීවන රටාවෙන් සේවාදායකයා මුදවා ගනී.

ඇබ්බැහිවීමෙන් මිදීම ආරම්භවන්නේ මනසින්ය

සූදුවට ඇබ්බැහිවීම: කළමනාකරණය කළ හැකි ආවේග පාලනය පිළිබද ආබාධයකි

අපගේ PUREMIND® සූදු ඇබ්බැහි මොඩියුලය සමඟ.

සූදුවට ඇබ්බැහිවීම ආවේග පාලනය කිරීමේ ආබාධයකි. ඕනෑම ඇබ්බැහිවීමක් මෙන්ම, සූදුකරුවා සූදුවෙන් චිත්තවේගීය වේදනාවෙන් සහනයක් සොයයි. විෂම චක්‍රයක් ජනනය කිරීම  මගින් ඔවුන්ගේ හුදකලාව වැඩිකරන අතර වේදනාව තවදුරටත් වැඩි කරයි. සූදුවේ ඇබ්බැහි වූවන් විශ්වාස කරන්නේ ඔවුන්ට පමණක් පෙනෙන පාඩු දෙන ප්‍රතිවිපාක නොතකා සූදුව සඳහා ඇති ආවේගය පාලනය කළ නොහැකි බවයි. ඕනෑම වියදමකින් ජයග්‍රහණය කරා හඹායන ඔවුන්ට තමුන් සිරවී සිටින බවක් දැනේ. සූදුවට ඇබ්බැහිවීම බොහෝවිට මත්ද්‍රව්‍ය අනිසි භාවිතය සහ මත්පැන් පානය, මානසික අවපීඩනය සහ කාංසාව වැනි වෙනත් මානසික සෞඛ්‍ය ආබාධ සමඟ සම්බන්ධව පවතී. අපගේ PUREMIND® සූදුවට ඇබ්බැහිවීමෙන් මුදවා ගැනීමේ මොඩියුලය සූදුකරුවන් මෙයින් මුදවා ගැනීම සඳහා මාර්ගයක් සපයයි. එය, ඔවුන්ගේ අතීතය දෙස අවංකව සහ අපක්ෂපාතීව බැලීමට, ඔවුන්ගේ ඇබ්බැහිවීම ගැන අවබෝධයක් ලබාගන්නා ආකාරය සහ ඔවුන්ගේ ආවේග පාලනය කිරීමේ ගැටළු විසඳීමට ඔවුන්ගේම මනසේ ඇති බලය භාවිතා කරන ආකාරය උගන්වයි. මෙය මගින් ඔවුන්ගේ ජීවිතය වෙනස්කර ගත හැකි බවත්, ඔවුන්ගේ මූල්‍යමය වත්කම් වලට තමන් කර ඇති හානිය නැවත පියවා ගත හැකි බවත් ඔවුන් ඉගෙනගනී.