අපව අමතන්න
menu-icon

ආත්ම අභිමානය

තම ආත්ම අභිමානය අවතක්සේරු කරගෙන ඇති පුද්ගලයින්ට තමා සමාජයට අනවශ්‍යය, එමෙන්ම තමාව සමාජය පිලිනොගන්න බව සිතන විට ජීවිත කළකිරීමක් දැනේ. එමෙන්ම ඔවුන් තමාට කැමැත්තක් නැති බවද දැනෙන්නට පුලුවන. තමුන් ගැන මෙවැනි හැඟීම් මොළය විසින් නිර්මාණය කරන අතර, එය තමාව සම්පූර්ණ ස්වයං-අවතක්සේරුවකට ඇද දමයි. අපගේ PUREMIND® ආත්ම අභිමානය මොඩියුලය සේවාදායකයින්ට මෙම අශුභවාදී හැගීම් වලින් මිදී තමන්ටම ආදරය කිරීමට පටන් ගන්නා ආකාරය ඉගෙන ගැනීමට හැකියාව මෙන්ම ශක්තියද ලබාදෙයි.

වඩා හොඳ ස්වයං ප්‍රතිරූපයක් ලැබීමට සුදුසුයි

ඔබටම ආදරය කිරීමට ඉගෙනීම

අපගේ PUREMIND®ආත්ම අභිමානය මොඩියුලය සමඟ

අඩු ආත්ම අභිමානය සමහර අවස්ථාවල බොහෝ දෙනාටපොදුවේ ඇතිවන මානසික තත්වයකි. අපගෙන් බොහෝදෙනෙකුට විටින් විට විශ්වාසභංගත්වයෙන් ජීවිතය අසාර්ථක යැයි නිරන්තරයෙන් හැඟෙනවිට, තමා ගැනම කළකිරීමක් දැනෙන විට, මෙවැනි අඩු ආත්ම අභිමානය අපගේ සතුට විනාශ කරන සහ අපගේ ජීවිතය පාලනය කරන අවියක් බවට පත්වේ. මෙවැනි මිනිසුන් මත්ද්‍රව්‍ය අනිසි භාවිතය, ස්වයං හානි වැනි හෝ එවැනි වෙනත් භයානක කටයුතු වලට ගොදුරක් විය හැකිය. එය පුද්ගලයෙකුගේ පවුල් ජීවිතය, සමාජ ජීවිතය සහ වෙනත් සබඳතා අනිවාර්යයෙන්ම විනාශ කිරීමට හේතු වනු ඇත. අපගේ PUREMIND® ආත්ම අභිමානය මොඩියුලය සේවාදායකයින්ට ඔවුන්ගේ මෙවැනි නුසුදුසු හැඟීම් විශ්ලේෂණය කිරීමට උපකාර කරයි. ඔවුන්ගේ ස්වයං අවබෝධය මනාව හැඩගස්වන මතකයන් සහ අතීත නොමනා පුරුදු වෙනස්කිරීමට ඔවුන්ට හැකියාව ඇති බව අවබෝධ කරගන්නා ආකාරය උගන්වයි. මනෝචිකිත්සාව සහ VR හි ප්‍රබල සම්මිශ්‍රණයක් භාවිතාකරමින්, සේවාදායකයින් තම ජයග්‍රහණ අගය කිරීමටත්, තමන්ටම ආදරය කිරීමටත්, විනාශකාරි අතීතය අතහැරදමා ප්‍රීතිමත් සාර්ථක ජීවන තත්ත්වයක් ගොඩනඟා ගැනීමට පොළඹවයි.

අපගේ PUREMIND® Self Esteem මොඩියුලය Prime VR Therapy මොඩියුලයක් සහ Booster VR Therapy මොඩියුලයක් ලෙස පැමිණේ.

මෙම ප්‍රමුඛ ප්‍රතිකාරය ඔබට සහාය විය හැකි ආකාරය සාකච්ඡා කිරීමට කරුණාකර අපගේ PUREMIND® දේශීය නියෝජිතයා හෝ අපගේ පිළිගත් PUREMIND® වෘත්තිකයින් හෝ සෞඛ්‍ය ආයතන සම්බන්ධ කර ගන්න.