අපව අමතන්න
menu-icon

බර කළමනාකරණය

බොහෝ පුද්ගලයින් කෙටි කාලීන ආහාර පාලනය සහ ව්‍යායාම මගින් ඔවුන්ගේ බර පිළිබඳ ගැටළු විසඳීමට උත්සාහ කරති. මෙයින් සිදුවන්නේ ඔවුන්ගේ සෞඛ්‍යයට අහිතකර ආහාර ගැනීමේ සහ ව්‍යායාම පුරුදු ඇති කරන යටිහිතේ පවතින මනෝ විද්‍යාත්මක ගැටළු යටපත්ව නොසලකා හැරීමයි. අපගේ PUREMIND® බර කළමනාකරණ මොඩියුලය මගින් එවැනි අහිතකර ක්‍රියාවලියන් හදුනාගෙන ඒ වෙනුවට ඔවුන්ට ස්ථිර සහ සෞඛ්‍ය සම්පන්න අනාගතයක් අත්කර ගැනීමට උපකාර කරයි.

ඔබ ගැන ඔබටම දැනෙන ධනාත්මක හැගීම.

බර පාලනය ආරම්භ වන්නේ මනසෙනි.

අපගේ මෙය සම්බන්ධ නිෂ්පාදිත PUREMIND® බර කළමනාකරණ මොඩියුලය හඳුන්වාදීම

මෙම මොඩියුලය ‘සියලුම මාර්ග අත්හදා බලා’ ඇති අසාර්ථක වූ පුද්ගලයින්ට අවසානයේදී ඔවුන්ගේ වැරදි ආහාර පුරුදු සහ ව්‍යායාම් ක්‍රම හඳුනාගැනීමට උපකාරීවේ. එමෙන්ම අදාළ පුද්ගලයින්ට ඔවුන්ගේ අතීතය දෙස ආපසු හැරී බැලීමට සහ එයින් පාඩම් ඉගෙන ගැනීමට උපකාර කිරීමෙන් මෙම මොඩියුලය නව සෞඛ්‍ය සම්පන්න ආහාර ගැනීම සහ ජීවනරටා තෝරාගැනීම සඳහා උපකාර වේ. අතීතයෙන් නිදහස්වී, ඔවුන් මේ අනුව යහපත් සෞඛ්‍ය, සෞඛ්‍ය සම්පන්න ආහාර වලට හුරුපුරුදු වීම, ව්‍යායාම කිරීම, නින්ද වැඩිදියුණු කිරීම, ශරීර ප්‍රතිරූපය සහ ආත්ම අභිමානයට වැඩි අවධානය යොමු කිරීම සහ සාමාන්‍යයෙන් වඩා හොඳින් තමන් ගැන සැලකිලිමත් වීම කෙරෙහි ස්ථිරවම අවධානය යොමුකිරීමට පෙළඹේ. ආත්ම අභිමානය සහ යහපත් සෞඛ්‍ය සඳහා පරිපූර්ණ ප්‍රවේශයක් තුළ තමන්ට ගැලපෙන බර පවත්වාගෙන යාමට අවශ්‍ය සේවාදායකයින් ඇතුළු වෙනත් ඕනෑම කෙනෙකුට මෙම මොඩියුලයෙන් උපරිම ප්‍රතිලාභ ලබාගත හැකිය.