අපව අමතන්න
menu-icon

PUREMIND® මානසික ආබාධ සුවකිරීමේ ඇදහිය නොහැකි බලය

අපි මනෝචිකිත්සාවේ ඔප්පු කළ බලය VR තාක්ෂණයේ සංවේදී බලය සමඟ ඒකාබද්ධ කර ඇත.
මෙහි ප්‍රතිඵලය වන්නේ මානසික සෞඛ්‍යය සහ සුවතාවය සඳහා නව ප්‍රවේශයක් ලැබීමයි.

Read Morearrow-right
puremind-img-1

PUREMIND® වෙත ඔබ සැම සාදරයෙන් පිළිගනිමු

PUREMIND® මගින් අපි පැවති ක්‍රමවේදය වෙනස් කරන මනෝචිකිත්සාවන් දියුණු කරමින් එමඟින් ප්‍රමුඛ පෙළේ VR තාක්ෂණයන් සමඟ ඔප්පු කරන ලද චිකිත්සක ක්‍රම ඒකාබද්ධ කරමු. එහි ප්‍රතිඵලය වන්නේ පරීක්‍ෂා කරන ලද මනෝ විද්‍යාත්මක භාවිතයන් සමඟ සංවේදී අත්දැකීම් ඒකාබද්ධ කරන සැබෑ අලුත් මොඩියුල මාලාවක් නිර්මාණය වීමයි.

හිසට පළඳා ඇති VR සංදර්ශක හරහා බලන ත්‍රිමාණ පරිගණකයෙන් ජනනය කරන ලද නිරූපණ භාවිතා කරමින්, අපගේ මොඩියුල ඉලක්කගත ශ්‍රව්‍ය දෘෂ්‍ය චිකිත්සක සැසි වලට සහභාගිවන්නන් වචනාර්ථයෙන් සම්බන්ධ කරවා ගනී. එමගින් තම අවධානය වෙනතකට යොමු කිරීමෙන් වැළකී ඔවුන්ව සෞබ්‍ය සම්පන්න පුරුදු සහ නව සිතීමේ ක්‍රම සඳහා විවෘතවේ. එමගින් ඔවුන් ඉක්මන් සුවය සහ කල්පවත්නා විසඳුම්වලින් ප්‍රතිලාභ ලබයි.

අපි PUREMIND Diagnostic Assistant™ (PDA™), මගින් යම් පුද්ගලයෙකුගේ මානසික සෞඛ්‍යය තුලනය කිරීමට සහාය වන සහ ඔවුන්ගේ යහපැවැත්ම වැඩිදියුණු කිරීමට නිර්දේශ සපයන ආයතනයන්හි ප්‍රමුඛතම VR ක්‍රමවේදයක් භාවිතා කර ඇත. ඕස්ට්‍රේලියාවේ Monash University සමඟ ඒකාබද්ධව වැඩිදියුණු කරනලද මෙම වැඩපිළිවෙල මගින් සාමාන්‍ය ආබාධ 40 කටවඩාවැඩි ප්‍රමාණයක් හදුනාගැනීමටත්, ඒවායේ තත්වය ගැන ස්වයංතක්සේරු කිරීමටත් ඉඩ සලසයි.

එපමණක් නොවේ, අපි PUREMIND Serenity™, සංචාරක ව්‍යාපාරයේ යෙදෙන්නන් සඳහා තම හෝටල් සහ නිවාඩු නිකේතනයන් වලට එන සංචාරකයන් විඳින ආතති හෙවත් මානසික අවපීඩනයන්ට එම ආබාධ වලින් මිදිමට උපකාර කිරීම පිණිස විශේෂිත මොඩියුලයක් නිර්මාණය කර ඇත්තෙමු.

PUREMIND® හිදී අපි විශ්වාස කරන්නේ VR සතු බලවත් හැකියාවන් අසීමිත වන බවත්, එය මෙහි ආරම්භය පමණක් බවත්ය. කරුණාකර අපගේ වෙබ් අඩවිය ගවේෂණය කර ඔබ සහ ඔබේ රෝගීන්, ගනුදෙනුකරුවන් සහ සගයන් සඳහා අපට කළ හැකි සේවා විස්තර බලන්න.

Read Morearrow-right

PUREMIND® අපේ විද්‍යාව

සෞඛ්‍ය සේවාවන් වර්තමාන යුගයේ මෙතරම් දියුණු වී ඇති නමුත්, මනෝචිකිත්සාවේ VR භාවිතය අලුත් දෙයක් ලෙස සැලකේ. විද්වතුන් සහ කර්මාන්ත පර්යේෂකයන් මෙය හොඳින් දන්නා නමුත් ප්‍රධාන ධාරවේ වෛද්‍ය භාවිතයට සාපේක්ෂව මේ චිකිත්සා ක්‍රමය තවමත් අලුත්ය.

එමෙන්ම බෝහෝ දෙනා මේ ගැන කිසිවක් දන්නේ නැත. මේ ආබාධ නිසා මතුවන ගැටලුකාරී හැසිරීම් යටපත් කිරීමට සහ ඒවා වෙනස්කිරීමට VR හි ඇති ප්‍රතිකාර ක්‍රමයන්ට වඩා එහා ගිය පර්යේෂණ සහ අධ්‍යයන පහසුකම් ගවේෂණය කර ඇත.

PUREMIND® හිදී අප විසින් මානසික සුවතාවය වර්ධනය කිරීමට VR හි ඇති හැකියාව පිළිබඳව පර්යේෂණ කළා පමණක් නොව, වෙනත් පොදු මානසික ගැටලු, ආබාධ සහ පුරුදු සඳහා ප්‍රතිකාර ක්‍රමද හඳුන්වාදී, ඒවායේ සඵලත්වය ඕස්ට්රේලියාවේ මෙල්බන්හිදී පරීක්ෂා කරුණු ලැබ ඇත. අපගේ ආකර්ෂණීය නිෂ්පාදන සංවර්ධන ගමන අතරතුර, අපි ලොව ප්‍රමුඛතම විශ්ව විද්‍යාලයක් වන මොනෑෂ් විශ්ව විද්‍යාලය සමඟද හවුල් වී සිටිමු.

Read Morearrow-right
our-science-middle-img

PUREMIND Serenity™

විවේකී සංචාරක ආගන්තුකයා ප්‍රීතිමත් අයෙකි. මනස ගැඹුරින් සන්සුන් කරන, ආතතිය හෙවත් මානසික අසහනය නැතිකර, යහපැවැත්ම වැඩිදියුණු කරන මෙම ප්‍රබල VR ප්‍රතිකාරයක් වන PUREMIND Serenity™ සමඟ විවේක ගැනීමට ඔබේ ආගන්තුකයාට අවස්ථාව ලබාදෙන්න.

Read Morearrow-right

PUREMIND® නිෂ්පාදන

අපගේ නිෂ්පාදන මේ කාලයේ සමාජයේ බහුලව පවතින වඩාත්ම මානසික පීඩාදෙන සෞඛ්‍ය ගැටලු ඉලක්ක කරයි (මානසික අවපීඩනය, කාංසාව, ගෘහස්ථ හිංසනය, ශාරීරික බර කළමනාකරණය, මත්පැන් වලට ඇබ්බැහිවීම සහ දුම්පානය). අන්කිසිවකට වඩා ඵලදායි සැබවින්ම අලුත්වූ විශ්මයජනක මනස සන්සුන් කරන මොඩියුලයක්ද අපි නිර්මාණය කර ඇත්තෙමු. අපගේ PUREMIND® VR ප්‍රතිකාර වල ප්‍රතිඵල බෙහෙවින්ම සිත් ඇදගන්නා සුළුය. එහි නියැලීම වඩාත් ඵලදායී ප්‍රතිඵල ලැබීමට හේතු වන අතර, මෙම දුර්වලකම් නැවත ඉස්මතු වීමේ ප්‍රවණතාවයන් සාර්ථකව පාලනය කරයි.

Prime VR Therapy modules යනු විවිධ මානසික සෞඛ්‍ය ගැටළු වලට ප්‍රතිකාර කළ හැකි මනෝ විද්‍යාත්මක මොඩියුල වලින් සමන්විත අපගේ මූලික නිෂ්පාදන වේ.

Booster VR Therapy modules යනු මූලික මොඩියුලයක් මගින් ප්‍රතිකාර ලබාගත් පුද්ගලයින් සඳහා ඔවුන්ගේ නොසැලී සිටීමේ අධිෂ්ඨානය මෙන්ම හැකියාව තවදුරටත් ශක්තිමත් කිරීමට අවශ්‍ය වන්නකි.

PUREMIND Serenity™ යනු හෝටල් සහ නිවාඩු නිකේතන වලට පැමිණෙන අමුත්තන්ට ආගන්තුක සත්කාර කිරීම සදහා සංචාරක ව්‍යාපාරිකයන් උදෙසාම නිර්මාණයකර ඇති අපගේ ප්‍රමුඛ පෙළේ සායනික නොවන නිශ්පාදනයකි. එය මගින් හෝටල් සහ නිවාඩු නිකේතන වලට පැමිණෙන අමුත්තන්ට වෙහෙස සහ ආතති වලින් මිදී, ශාරීරික සහ මානසික සුවයක් ලබාදීමට සහය විය හැක.

PUREMIND Diagnostic Assistant™ (PDA™) යනු රෝගීන්ගේ මානසික සෞඛ්‍යය තක්සේරු කිරීමට සහ VR චිකිත්සාව ඔවුන්ගේ ප්‍රතිකාර සඳහා ඵලදායි විකල්පයක් දැයි තීරණය කිරීමට විශේෂයෙන් නිර්මාණය කර ඇති සායනික වෘත්තිකයින් සදහා වූ නිශ්පාදනයකි.

PUREMIND Diagnostic Assistant (PDA)

අපගේ PUREMIND Diagnostic Assistant™ (PDA™ ) නිර්මාණය කර ඇත්තේ රෝගීන් සහ සේවාදායකයින් සමඟ PUREMIND® පුහුණු වෘත්තිකයන්ට භාවිතා කිරීම සඳහාය. එය රෝගයේ මූලික ගැටළු සහ එයට පාදක ගැටළු හඳුනාගැනීම සඳහා නිර්මාණයකර ඇති ස්වයං-රෝග විනිශ්චය මෙවලමකි.

PUREMIND Personal Diagnostic Assistant™ VR මොඩියුලය වෙත ප්‍රශ්නාවලියක් යොමුකිරීම මඟින් රෝගියාගේ තත්ත්වය පිළිබඳ තොරතුරු විශ්ලේෂණය කර, එය සායනික වෘත්තිකයන් සඳහා අවශ්‍ය පරිපූර්ණ අවසාන නිෂ්පාදනයක් බවට පත්කරයි.

Read Morearrow-right